මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රමණීය පරිසරයක පිහිටි නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලය ප්‍රදේශයේ කීර්තිමත් විද්‍යාලයක් වේි.
1987 ජනවාරි 19 වන දින රජයේ පාසලක් ලෙස ආරම්භ වූ නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පළමු විදුහල්පතිවරයා වූයේ එන්. එස්. ඩිංගිරිබණ්ඩා මහතාය. පාසලේ මුල්ම ශිෂ්‍යයා ලෙස වී. ඒ. ගලප්පත්ති ශිෂ්‍යයා 1987 ජනවාරි 12 වන දින බඳවා ගෙන ඇති අතර ආරම්භක වර්ෂයේ දී පාසලේ සිටි සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 708ක් වේ.
පාසල ආරම්භ වන අවධියේ දී 6 ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණි දක්වා පමණක් පත්ති පැවැත් වූ අතර පසුකාලීනව ප්‍රාථමික අංශය ආරම්භ කරන ලදී.
1987 වසරේ දී පාසලේ පැවති සමස්ත ගොඩනැගිලි සංඛ්‍යාව 06ක් වූ අතර වරින් වර රජයේ ප්‍රතිපාදන යටතේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලදී. රජයේ ව්‍යාපෘතියක් මගින් පාසල සඳහා නව තාක්ෂණික විද්‍යාගාරයක් ඉදි කළ අතර එහි ඉදිකිරීම් වැඩකටයුතු සිදු වෙමින් පවතී. කාර්යාල ගොඩනැගිල්ලක්, ගුරු විවේකාගාරයක්, ප්‍රාථමික සහ ද්විතීයක අංශ සඳහා පුස්තකාලයන්, විද්‍යාගාරයක්, සංගීත සහ නර්ථන අංශ සඳහා සෞන්දර්ය කාමරයක්, ප්‍රධාන ශාලාවක්, ක්‍රීඩා පිටියක් ,විදුහල්පති නිල නිවාසයක්, බුදු මැදුරකින් විදුහලේ ගොඩනැගිලි සමන්වි්ත.
පාසලේ විද්‍යා ගණිතය අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්ය අංශය , මාධ්‍ය ඒකකය, ප්‍රාථමික සහ ද්විතීයක අංශයේ පුස්කාල සහ ප්‍රථමාධාර ඒකකය ද පවත්වාගෙන යන අතර විශේෂයෙන් ක්‍රීඩා අංශයෙන් ජයග්‍රහණ ලබා ගත් කීර්ත්මත් පාසලක් ලෙස හැඳින්විය හැකිය.
අධ්‍යාපනික කටයුතු මෙන්ම විෂය බාහිර කටයුතු ද සමිති සමාගම්, මාධ්‍ය ඒකකය, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ද ඉතා සාර්ථකව පවත්වන ලදී.
වර්තමානයේ විද්‍යාලයේ සමස්ත කාර්ය මණ්ඩලය 39ක් වන අතර අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සහ දෙමාපියන්ගේ ද උපරිම සහයෝගයෙන් පාසලේ වැඩ කටයුතු ක්‍රියාත්මක වේ.
|
ආරම්භ කළ වර්ෂය |
1987 ජනවාරි 19 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
05 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
58 |
|
මුල් ගුරුතුමාගේ නම |
|
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
06 |
|
පාසලේ නම |
නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ඒන්. ඒස් ඩිංගිරිබණ්ඩා මහතා |
|
පාසල පැවැත්වූ ස්ථානය |
බව්වාගම |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
වී. ඒ. ගලප්පත්ති |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
|
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1987 ජනවාරි 12 දින |
