- අධ්‍යයන, අනධ්‍යන කාර්යමණ්ඩලය සහ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් පෙ.ව. 7.00 ට පෙර පාසලට පැමිණිය යුතු අතර පෙ.ව. 7.30 ට පෙර තමන්ට අදාළ ස්ථාන පවිත්‍ර කොට අවසන් කළ යුතුය. පන්තිභාර ගුරුවරයා හා අදාළ ශිෂ්‍ය නායක නායිකාවන් සහ දවසේ දෛනික නියාමනය භාර ගුරුභවතා සියලුම පවිත්‍රතා කටයුතු පිළිබඳව වගකීමෙන් ක්‍රියා කල යුතු ය.
- සඳුදා දින පාසල ආරම්භ කිරීමේ සීනුව නාදකිරීමත් සමගම සියදුම දරුවන් ගුරු භවතුන් රැස්වීම් පැවැත්වෙන නියමිත ස්ථානවලට පැමිණිය යුතුය.
- අනෙකුත් දිනයන්හි දී උදෑසන ආගමික වතාවත් සඳහා යොදා ඇති පන්තියේ සිසු දරුදැරියන් බුදු මැදුර අසළ ආගමික වතාවත්වල යෙදිය යුතුය.
- පාසලට පැමිණීමේ දී පාසල් නිල ඇඳුම නිසියාකාරව පැළද ආ යුතුය.
- සෑම කාලපරිච්ඡේදයක් අවසානයේම නියමිත ගුරුවරයා පැමිණෙන තුරු නිහඩව ඊළග විෂයයට සූදානම් විය යුතුය. විනාඩි 10 ක් තුළ අදාළ ගුරුවරයා නෙපැමිණෙන්නේ නම් පන්ති නායක නායිකාව හෝ විෂය නායක නායිකාව විසින් අංශභාර ගුරුවරයාගෙන් විමසිය යුතුය.
- සියලුම සිසුන් පාසල නිමවන තෙක් තම පන්ති කාමරය තුළම රැදී සිටිය යුතු අතර කිසිදු හේතුවක් නිසා වෙනත් පන්තියක ක්‍රීඩා පිටියේ හෝ වෙනත් ස්ථානයක රැදී නොසිටිය යුතුය.
- විෂයක් සඳහා වෙනත් ස්ථානයකට යනවිට හා නැවත පන්තියට පැමිණෙන විට පේලියට යා යුතුය. අවසාන කාලච්ඡේදයේ කාණ්ඩ විෂයයන් සදහා පිටත්ව යන්නේ නම් එම ස්ථානවල සිටම ගාථා ගායනා කොට පාසලෙන් බැහැර විය යුතුය.
- දරුවන්ට මතුවන ඕනෑම ගැටළුවක් ප්‍රථමයෙන් පන්තිභාර ගුරුවරයාට දැනුම් දිය යුතුය. අදාල ගුරුවරයා නොමැති අවස්ථාවක පමණක් අංශ භාර හෝ විෂය භාර ගුරුවරයාට දැන්විය යුතුය.
- පාසල් වේලාව තුල කවර හෝ බාහිර අයෙකු සමග සබදතා පැවැත්වීම තහනම් වේ.
- පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට අදාල නොවන පුවත්පත් ඡායරූප , ලිපි, ජංගම දුරකථන, සංයුක්ත තැටි වෙනත් උපකරණ රැගෙන ඒම හා ළග තබා ගැනීම සපුරා තහනම් වේ.
- පාසලේ හා පන්තිකාමරයේ උපකරණ ආරක්ෂා කළ යුතුය.
- දින දෙකකට වඩා පාසලට නොපැමිණෙන්නේ නම් දෙමාපියන් විසින් පන්තිභාර ගුරුතුමාට දැනුම් දිය යුතුය.
- පාසල නියෝජනය කිරමින් සහභාගී වන ඕනෑම අවස්ථාවකට පාසල් නිල ඇදුමෙන් සහභාගී විය යුතු අතර පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි හැසිරිය යුතුය.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි