ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට පරිබාහිරව සිසු දරුදැරියන්ගේ කුසලතා, පෞරුෂත්වය සහ හැකියා දක්ෂතා ඉස්මතු කරලීම සඳහා පාසලේ සාහිත්‍ය සංගමය මගින් ලැබෙනුයේ ඉමහත් පිටුවහලකි. විශේෂයෙන් සිසුන්ගේ කලා කුසලතා , දක්ෂතා දියුණු කිරීම මගින් අනාගත ලෝකයට ගැළපෙන නායකත්ව ලක්ෂණ සහිත දරුවෙකු නිර්මාණය සඳහා මෙමගින් අවස්ථාථා සැලසෛ්. අප පාසලේ 6 සිට 13 දක්වා දරුවන්ගේ සහභාගිත්වයෙන් පවත්වන මෙම සිංහල සාහිත්‍ය සංගමයේ ප්‍රධාන ගුරුභාරකාරත්වය දරමින් සිසුන් මෙහෙයවීම සිදු කරනු ලබන්නේ ඒස්. ඒම්. ජයවීර ගුරු මහත්මිය වන අතර ඒ් සඳහා සිංහල සාහිත්‍ය කමිටුවේ සෙසු නියේජිත ගුරුභවතුන් වන පී. ජී. පී. සංගීතානි, කේ. ජී. ඒම්. කේ. මැණිකේ මිය සහ ඒ්. ඩබ්. ඒස්. අයි කුමාරි මිය ද වගකීම් දරනු ලැබේ.